Monday 22 February 2010

හෘද සාක්‍ෂිය.....!

මේ දිනවල රූපවාහිනී නරඹන අපට එක්තරා රක්‍ෂණ ආයතනයක වෙළඳ දැන්වීමකින් "හෘද සාක්‍ෂිය" ගැන කියවෙනවා දැකගත හැකියි. එහි වෙළඳ අර්ථය කුමක් වුවත්, අද දින අප සමාජය දෙස බලන විට කුමක් අමතක වුවත් හෘද සාක්‍ෂිය මතක් වේ. ඔබෙත් මගෙත් හෘද සාක්‍ෂියට වටිනාකමක් ඇත්ද යන්න කොටින්ම කිවහොත් හෘද සාක්‍ෂියක් තිබේද යන්නත් සලකා බැලීමට සිදු වේ. සිදුවීම සිදු වන්නේ හැඬීමටවත්, සිනාවීමටවත් නොවන නිසා මෙසේ ලිවීමට සිදු විය.

"මෙලොව හොඳ හා නරක කියා දෙකක් තිබෙන බවත්, ‍බොරු කීම, නින්දා කිරීම හා ද්‍රෝහිකම් කිරීම නරක දෙයක් බවත්, හිරේ දැමීම, මරා දැමීම ඉතා අශෝබන දේවල් බවත්, සමහර විට ඔබ නොදන්නවා විය හැක. කමක් නැත. එවැනි දේ සිදු වන්නේ යථාවාදී තථාකාරී ලෙස සිතමි. නමුත් මතක තියාගන්න. ඒවා කරන්න තහනම් දේවල්. ඔබට දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාත්, කොළඹ සිට සංගමන් තුඩුව දක්වාත් පැතිරුණු බලයක් තිබෙන බව ඇත්ත වන්නට පුළුවන. සිව්කොත සිසාරා සිටින ආරක්‍ෂක අංශ ඔබේ ආරක්‍ෂාවටත්, ඔබේ අණ පිළිපැදීමටත් සැදී පැහැදී සිටිනවා විය හැක. එමගින් ඔබ තුවක්කු, කාලතුවක්කු, වතුර විදින යන්ත්‍ර, කුලී ඔත්තුකරුවන්, කුලී මිනී මරන්නන්, ණයට කහින කලාකරුවන්, පත්තර කාරයින් මිලදී ගන්නවා වන්නට පුළුවන. ඒ සියල්ල හරහා ප්‍රශස්ති ගී ද ගයනු පෙනේ. එහෙත්‍ මොහොතකට සිතන්න.....! අඳුරේ ගමන් කරන ඔබට එක්තරා ස්ථානයක සිටින අයෙකු ඔබට කතා කරනු මෙන් ඇසේ.....! ඔබට නොපෙනුනත් ඔබට කතා කරයි.....! මදක් නවතින්න.....! ඔබ මේවා නොකළ යුතුයි. මේවා පිළිකුල් සහගතයි. ඔබ විසින් ඔබම විනාශ කර නොගන්න. ඔබට නොපෙනෙන බලවත් පුද්ගලයා කවුද?"

"හෘද සාක්‍ෂිය.....!"

1 comment:

  1. සිංහල බ්ලොග්කරණයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. එ් වගේම අළුතෙන් හැදිච්ච දේශපාලන බ්ලොග්කරණය යන්නටත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබ මෙයට පය ගහද්දිත් මේක දෙකක් නිසයි එහෙම කිව්වේ. අඩව්වේ අප ඔබව දකින්නේ මතවාදීමය කතරක ගමන් ගන්නා අපේ ගමනට එක්වූ තවත් එක් දිය බිඳුවක් ලෙසටයි. අපි ඔබගේ අඩවියත් අඩව්වේ බ්ලොග්රෝල් එකට එකතු කරනවා. එ්ක ඔබගේ දියුණුවට උදව්වක් වෙයි කියලා අපි හිතනවා.

    ඔබ කියන කතාව ඇත්ත. අපි හැමෝටම එක වෙලාවක් එනවා හෘද සාක්ෂියත් එක්ක තනිව කතා කරන්න සිදුවෙන. එ් වෙලාවෙදි හිතට එකඟව ලැජ්ජා නැතුව අතීතය සිහිකරලා සතුටු වෙන්න පුළුවං අපේ රටේ කීප දෙනෙක්ට විතරයි. අති බහුතරයකට හිතින් සැඟවී ඉන්න සිද්ධ වෙනවා. අහිංසක මිනිස්සුන්ගෙන් ගසාකාපුවා මතක් වෙද්දි කාටද අතීතය සමරන්න පුළුවං වෙන්නේ. මිනී මරපු උන් හිතින් දුක් විඳීවි. මැරකං කරපු උන් විඳවලා මැරිලා යාවි. එ්ත් අපි අද එ් වෙනුවෙන් කතා කරන්න ඕනේ නැවත නැවත එ්වා නොවෙන්නයි. එ් වගේම උන්දිහා බලලා තවත් කෙනෙක් එ්වා කරන එක වලක්වන්නයි.

    බලයේ ඉන්න අය විතරක් නෙමෙයි ජනප‍්‍රිය රැල්ලට සෙට් වෙලා කෙටිකාලීන වාසි වලට කඬේ යන අයටත් හෘද සාක්ෂියෙන් සැඟවෙන්න තමයි වෙන්නේ. එ්ත් අපිට එහෙම ප‍්‍රශ්ණයක් නෑ. අපිට පිළිගැනීමක් නෑ, මූල්‍යමය වාසි නෑ, පත්තර වල ලියන්න බෑ, කොන්ත‍්‍රාත් හම්බෙන්නෑ, එ්ත් අපි මේ අතීතය දවසක ස්මරණය කරන්නේ හදවතට එකඟවමයි. අපිට තියෙන එකම සතුට එ්කයි.

    ReplyDelete