ඔවුහු
කැරළිකරුවෝ නොවෙති
හිමිකරුවෝ වෙති...
ඔවුහු
ත්‍රස්තවාදීහු නොවෙති
සත්‍යවාදීහු වෙති...
Monday, 14 November 2011
Friday, 17 September 2010
බහුතරය
සියල්ප නිහඬය. වචනයකුදු ඇසෙන්නේ නැත. අඩුම තරමේ කෙඳිරිලි හඬක් වත් නැත. සියලු තත්ත්වයන් පෙළ ගැසෙමින් එන්නේ දැවැන්ත කුණාටුවකට මෙන්ය. සාමාන්‍යයෙන් කුණාටුවකට පෙර මහ මුහුද නිහඬය. මසුන් මුහුදු පත්ලේ නිසොල්මන් වන්නේය. මැණික් ගල් සහ ගොමරිටි වල වෙනස හඳුනා නොගෙන උඩ පාවෙන ගොමරිටි වලට වඩා වැඩි වටිනාකමක් එකතු වී ඇති සෙයකි.
මුලින්ම ඔවුන් ජයග්‍රහණය ලැබුවේය. ආත්මයක් දෙකක් නොව ආත්ම සිය ගණනක් ජයග්‍රහණයක සජීවී අත්දැකීම් නොලැබූවන් මෙන් ඔවුන් ඒ ජයග්‍රහණ වල සතුට බුක්ති වින්දේය. ඒ මදිවාට ජනතාවද ඒ පිටුපස රැගෙන ගියෝය. ඔවුන් අමන්දානන්දයට පත් වී ආශ්චර්යයන් සොයා ගියෝය. ජනතාවගෙන් එකෙකු දෙන්නෙකු නොව සිය දහස් ගණනක් තම ප්‍රතිපත්තිගරුක ජීවිත අමු අමුවේ විකුණා දමනු ලැබීය. මෙතෙක් එම ජීවිත සතු වූ කන්‍යාභාවය එක මොහොතකින් කුඩු පට්ටම් කරන ලදී.
ඒ අතර එකා දෙන්නා මෙහි වූ මිත්‍යාවට එරෙහිව එළි බසින්නට විය. සිහින් කෙඳිරිලි හඬ මතු වන්නට විය. පත්තර අච්චු ගසන්නට, පෝස්ටර් අලවන්නට විය. එහෙත් සිතීමේ හා කතා කිරීමේ නිදහසත් අහිමි කොට එසේ කළවුන් සොයා ඝාතනය කිරීමේ මෙහෙයුම ඇරඹිණි. ඔවුන් ලසන්තව ඝාතනය කෙරිණි. තිස්සනායගම් අත්අඩංගුවට ගැණුනි. ප්‍රගීත්ව අතුරුදන් කෙරුණි. වසර 40කට පමණ පසු පත්තර කාර්යාල සීල් තැබුණි. කතෘවරුන් අත්අඩංගුවට ගෙන 4වෙනි තට්ටුවට ගැණුනි. පුවත්පත් සේවකයින් ද දින නියම නොමැතිව අත්අඩංගුවේ රඳවා තබා ගැණුනි.ඔවුන් ජෙනරාල්ව කකුල් කෙටියෙන් ඔසවාගෙන ගියෝය. අධිකරණ කැඳවා නඩු විභාග කළෝය. තරු පටි ගලවා අපකීර්තිමත් ලෙස සේවයෙන් පහ කොට විශ්‍රාම වැටුපද අහිමි කොට 10 x 12 කාමරයක සිරකොට විරුද්ධවාදීන්ගේ කෙඳිරිල්ල මහා ගිගුරුමක් වන්නට ප්‍රථම නවතා දැමූහ. විජිත හේරත්ලා, අජිත් කුමාරලා, නලින් හේවගේලා ‘A‘ ශ්‍රේණියේ පොලීසියකට පහරදීමේ චෝදනා මත සිර අඩස්සියට ගත්හ. ශුද්ධ වූ සියල්ල ඔවුන් විසින් කෙළසන ලදී. එහෙත් ඒ තව කොපමණ කලකට ද.........?
සාමාන්‍යයෙන් හමුදා ඛණ්ඩයකට අණ දෙන නිලධාරියා සතුව ආයුධ නැත. උදාහරණයක් ලෙස හමුදා උත්තමාචාර උළෙලක දී අණදීමට ආයුධ භාවිතා කරන්නේ නැත. එහෙත් එවැනි පෙළපාලියක ගමන් කරන සොල්දාදුවන් අත අති නවීන ආයුධ ඇති අතර, ඔවුන් සියලු දෙනාම තමන්ට අණ දෙන නිරායුධ නිලධාරියාගේ උස් හඬට අනුව කටයුතු කරයි. සීරුවෙන් සිටීම, පහසුවෙන් සිටීම මෙන්ම තමා අතින් සිදු වන වරදක දී නිරායුධ නිලධාරියාගෙන් ගුටි කෑමට ද බැඳී සිටී.
සාමාන්‍යයෙන් පොලීසියක 40ක 45ක ප්‍රමාණයක් සේවයේ යෙදෙන්නේ යැයි සිතමු. රටේ පොලීසිය අන්තිම පහත් නීච තත්ත්වයට පත්ව ඇති ආයතනයක් බව ප්‍රසිද්ධ කරුණකි. සෑම පුද්ගලයෙකු තුළම ඊට එරෙහි මතයක් ඇත. පොලීසිය නැති තැන ඔවුන්ගේ පතුරු ගැලවෙන්නට දෙහි කපයි. එහෙත් පොලීසියේ දෙදෙනෙකුට පමණක් එක් නිශ්චිත භූමි භාගයක් පාලනය කළ හැකිය. සමහර විට එම භූමි කොටසේ පමණක් ජනතාව 60,000 ක් ජීවත් වනවා වන්නට පුළුවන.
ගෙනහැර දැක්වූයේ සරල උදාහරණ දෙකක් පමණි. ඔබට මින් වැටහෙන්නේ කුමක්ද? ආයුධ සන්නද්ධ සීමිත පිරිසක් විසින් නිරායුධ මිනිසුන් කෝටි ගණනක් පාලනය කිරීමට ක්‍රමයක් සකස් කරගෙන ඇති බව නොවේද? අපේ ජීවිත වල අනාගතය, දෛවය, මේ හැම එකකම තීරකයා බවට ඔවුන් පත් කර ගෙන ඇති බව නොවේද? ඊටත් වඩා හාස්‍යය නම් මෙම ආයුධ සන්නද්ධ පිරිස් ද දියවන්නාවේ සිටින 225 දෙනෙකුට මොන තරම් බිය වී ඇතිද යන්නයි. ඔවුන් එකෙකු හෝ දකින විට හුනස්නෙන් නැගිටීම, තොප්පි ගැලවීම, කාණු වලට බැසීම, තමාගේ බිරිඳ පවා එක් රාත්‍රියකට හෝ දන් දීම, තම දරුවාගේ අයිතීන් වෙනුවෙන් බැලමෙහෙවරකම් කරවීම, ...... මේ අපේ තරමය........!
ඇත්තටම අපේ ජීවිත වල අනාගත තීරකයා බවට 225 දෙනෙකු පත් කොට ඇත. ඔවුන් කරනා ඕනෑම දෙයක් අපේ කරුමේ, දෛවය ලෙසට ගිණුම්ගත කර ගැනීමට පුරුදුව ඇත. එය එලෙසම සිදු වන තාක් කෝටි 02ක් යටකොට 225ක් බලයේ රැඳෙනු ඇත.
එහෙත් එය නිවැරදි ක්‍රමය නොවේ. බහුතරය ඇත්තේ ද එතැන නොවේ. 225 දෙනාට වඩා බහුතරය වූ කෝටි 02 වටින්නේය. එහෙයින් නොපමාව තීරණයක් ගත යුතුය. වඩා බලවත් 225 ද නැත්නම් කෝටි 02 ද යන්න තීරණය කළ යුතුය. පවතින system එක ඉතා ඉක්මනින් වෙනස් කළ යුතුය. නොඑසේ නම් ඔවුන් ලසන්තව, තිස්සනායගම් හා එක්නැළිගොඩ සොයා ගියාක් මෙන් අප සොයා ද එනු නොඅනුමානයි. අප අවබෝධ කර ගත යුතු, පාලකයන් තේරුම් ගත යුතු සත්‍යය එයයි. එහෙත් මේ සියල්ලටම දිගු කලක් යා යුතු නැත. දිගු කලක් ලබා දිය ද නොහැක. ඔවුන් අප වෙත පැමිණීම කොයි මොහොතේ හෝ සිදු වන බැවිනි. මෙතෙක් බහුතරයේ වූ නිහැඬියාව ප්‍රමාණවත්ය. මේ මුළු system
එකම වෙනස් කිරීමට අපි set වෙමු. මේ සඳහා ඔබගේ ඇත්ත comment එක ඒ සඳහා වන ආරම්භය බව මතක තබා ගන්න.
කෙනෙකු තම විරෝධය මෙලෙස එක් කර තිබුණි.
දහ අට සම්මතයි
වැඩි ඡන්ද ලොට් එකයි
ඇඟට දැන් සනීපයි
පබා නංගිත් ගියා
මිරිකන්න
මහින්දගෙ අත් දෙක
දෑත් දැන් ශක්තිමත්
අම්බානක පුෂ්ඨිමත්
අයියෝ... පබාත් ගියාද.....?
අපි හිතුවෙ නෑ එයා යයි කියලා
එහෙම කිව්වෙ ගම්පහ කමල්
ඌ පට්ට යූ ඇන් පී
අනේ මනූෂ ඕකටද අපි
උඹට ඡන්දෙ දුන්නෙ
එහෙම කිව්වෙ ගාල්ලෙ සුනිල්
මිනිහත් යූ ඇන් පී
කැපුවත් යූ ඇන් පී
අයි අයියෝ රංගා
ඉංග පෝරේ
එහෙම කිව්වෙ හැටන් වල කන්නයියා
කමල් සුනිල් කන්නයියා
තවත් ඉන්න ගොංබයියෝ
අඬන්න එපා තොපි
කළකිරෙන්න එපා තොපි
තල වැව්වොත් තලම තමයි
තොපිටත් දැන් බඩුම තමයි
කඳුළු පිහිද ගනිල්ලා
අතට හයිය ගනිල්ලා
මතක් කරපල්ලා
ප්‍රජාතන්ත්‍රවාදය
මනූෂලා, පබාලා, රංගලා, රංගේලා
රඟන අනිත් හැතිකරේම
යැව්වෙ දියවන්නාවට තොපි
නියෝජනය කරන්න තොපිව
අල්ලපං උන්ගේ බෙල්ලෙන්
හොල්ලපං ඇති වෙනකම්
කියලා දීපං උන්ට
ප්‍රජාතන්ත්‍රවාදයේ පළවෙනි පාඩම
ඒක අහන් නැත්නම්
ඉගෙන ගන්න කම්මැලිනම්
ගහපිය කණ පැලෙන්න
ඒත් මදිනම්
කඩපිය අණ්ඩක්
එකක් මදිනම්
දෙකක්
එක අතක් නැත්නම්
මිරිකපං බෙල්ල
හුස්ම නතර වෙනකල්
මොන දේ කරත්
මේක පාඩම් කර ගනිල්ලා
චක්කරේ වගේ
දෙසිය විසිපහ පොඩියි
කෝටි දෙකට වඩා..........!
(පැදිය උපුටා ගැනීම - ලංකා ඉරිදා සංග්‍රහය, සඳකඩපහණ අතිරේකය)

Monday, 6 September 2010
පෙනුම ගල් වී හරය බොල් වීම
Facebook Account එකක සැබෑ අර්ථය කුමක් වුවත්, මටත් සමාජය හා මිනිසුන්ව අඳුනගන්න මේ ක්‍රමය යෝග්‍ය යැයි සිතුන නිසා පටන් ගත්තා ඒ වැඩේත්. මොකද මේ සමාජය ඇතුලේ මිනිහෙක්ව තේරුම් ගන්න ඔවුන්ව ඇසුරු කරන්න විවිධ වැඩ වල යෙදුනු මම ඒවායින් සාරවත් ප්‍රතිඵලයක් ඇති නොවුනු නිසා ඒ සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී මේ වැඩේට set වුනා. හුදෙක් මිතුරන් හඳුනාගැනීම පමණක් තේරුමක් නොමැති නිසා ඉන් එයා පුළුල් අදහසක් ඇතිව ඔවුන් සමග අර්ථවත් ඇසුරකට කරන අරගලයක් ලෙස මා මෙය හඳුන්වනවා. මේ ටික දවසට මගේ Facebook එක බලපු අය මගේ මිතුරෝ වෙලා ඉන්නවා. මේ දවස් වල කරන්නේ ඇත්තටම ඒ අය කවුද? මොකක්ද එයාලාගේ අරමුණු කියලා තේරුම් ගන්න උත්සාහ කරන එක. ඉතින් ඒ වැඩෙත් යන ගමන් පොතකුත් කියවමින් සිටි මට අපි ගැන, අපේ සමාජය ගැන කල්පනාවට ආව දේවල් ඔහේ ලියලා දැම්මා.....
පසුගිය දවස් වල News වල තිබුණා අවුරුදු 3000 ක් පැරණි සොහොන් සංකීර්ණයක් හපුතලේ ප්‍රදේශයෙන් හමුවෙලා තියන බව. ඇත්තටම මේ News එක දැක්කාම මාර ගටක් හැදෙනවා නේද? අපිට ඒ තරම් ලොකු ඉතිහාසයක් තියනවා කියලා. අවුරුදු 2500 ක ලිඛිත ඉතිහාසයක් තියන අපිට මේ සිද්ධියත් එක්ක ඒවා ඔක්කොම වෙනස් වෙනවා. අපේ ඉතිහාසය නැවතත් අලුත් වෙයි කියලත් හිතෙනවා. ඉතිහාසඥයෝ, පුරාවිද්‍යාඥයෝ මේ සිද්ධියත් එක්ක මාර "ටෝක්ස්" දුන්නේ. ඇඟ කිලිපොලා යනවා එව්වා අහලා. බලංගොඩ මානවයත් නැගිටින තාලේ දේවල් කිව්වේ.
අපේ රට විදියට ගත්තාම ජාතික වශයෙන් මේක මාර ඓතිහාසික වැඩක්. පසුගිය කාලේ සිද්ධ වුන දේවල් දිහා බැලුවාම ඒවත් එක්ක එක පෙළට සිද්ධ වෙන තවත් හොඳ වැඩක්. මම එහෙම කිව්වෙ අපේ රටේ යුද්ධය ඉවර වුනා, සංවර්ධනය ආරම්භ වුනා, මිනිස්සුන්ගෙ ප්‍රශ්න මිනිස්සුන්ටම අමතක වුනා. දැන් මිනිස්සු හිතන්නේ "අංක 01" වෙන්න. ඉතිං බෙදුම්වාදයත් පරාජය කරලා, ජාතික සමගිය හදලා, සංවර්ධනය ආරම්භ කරලා, දකුණු ආසියාවේ කප් එක උස්සලා, මුළු ආසියාවෙම "ආශ්චර්යය" අපේ රටේ නිර්මාණය වුනාම කාටද ආඩම්බර නැත්තේ.....???
අපේ රටේ යුද්ධය ඉවර වුනා කියන්නේ අපේ රටේ දෙමළාට ගහලා සිංහලයා 01 වුනු එකට. ඊළඟට හින්දුවට, මුස්ලිම් එකාට, නේපාල් කාරයට, මලයාලම් කතා කරන එකාට, චීනට ගේමක් දීලා ආසියාවේ 01 වෙන එක තමයි ගේම් එක. පුළුවන් වුනොත් එතැනින් පෙන්ටගනයටත් ගහන්න ඉඩ තියනවා. ඉතින් මෙහෙම 01 වීමේ සිහිනයක් අපට තියනවා. අපේ රටේ අය මේ ගමනට උදව් කරන්නේ තමන් තමන්වම වැරදි කාරයෙක් විදියට හංවඩු කරගෙන තමන්වම ගස් බැඳගෙන. මාර ආතල් නේද වැඩේ???
ඉතින් දැන් මේ ගමනට අපට තියෙන ආයුධ මොනවද? අනිත් එක මෙහෙම සිහිනයක මිනිස්සු පැටලෙන්න හේතුව මොකක්ද? ඇත්තටම මිනිස්සු කැමතියි සර්වබලධාරී වෙන්න. හැම එකකින්ම ඉදිරියෙන් ඉන්න. ඒක අපිට මේ මිය යමින් ඉන්න සමාජය උගන්වපු දෙයක්. තරගකාරීත්වය මේ සමාජයේ අනිවාර්ය දෙයක්. මේ සටනේ අරමුණ තමයි අපේ අනන්‍යතාවය හදා ගන්න එක. දැන් වර්තමාන ශ්‍රී ලාංකිකයාට අනන්‍යතාවයක් තියෙනවාද? අපි සෑම මොහොතකම අපේ අනන්‍යතාවය ඉදිරිපත් කළේ ඉතිහාසයෙන්. ඉතිහාසයේ තමයි අපේ ලොකු වැඩ ඔක්කොම තියෙන්නේ. වැව් දාගැබ් හදපු, ශිෂ්ටාචාර බිහි කරපු, විදෙස් රටවල් ආක්‍රමණය කරපු ඉතිහාසය තියෙන්නේ ඉතිහාසයේ. ඉතින් මිනිස්සු ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඉතිහාස පොත් පිටු වලින් ඉර ඉරා පෙන්වනවා. අපිට තියෙන එකම ආයුධයත් මේ ඉතිහාස අනන්‍යතාවය විතරයි. එහෙමනම් ඉතින් අපේ වර්තමානය බොල් නේද?
අනිත් එක, අපේ රට මුහුණ දී ඇති ආර්ථික අවපාතය, ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම, මානව හිමිකම් අමු අමුවේ මරා දැමීම, විදෙස් ප්‍රතිපත්තියේ ඇති නිවට බව, විදෙස් රටවල් ඉදිරියේ දණ නැමීම, ජාතික සමගිය ගොඩ නැංවීමට ඇති නොහැකියාව, පශ්චාත් යුද වාතාවරණය... මේ ආදී තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කළ විට අපේ බලාපොරොත්තුව විය හැක්කේ කුමක්ද? ඉතින් අපේ වර්තමානය බොල් නේද?
ගෙවුණු වසර 62 ක ඉතිහාසය විසින් ඔප්පු කොට ඇති සත්‍යය වන්නේ පාලකයන් "බලාපොරොත්තු" නමැති කැරට් අලය ඉදිරියට දමා රටේ ජනතාව තමන්ට අවැසි මගක දක්කාගෙන විත් ඇති බවයි. ජනතාව විසින් තම බලාපොරොත්තු ජයග්‍රහණය කර ඇත්නම් ඒ වෙන අයුරකින් නොව තමන් විසින් කළ "අරගල" නිසාවෙනි. වැඩ කරන පන්තියේ මිනිසුන්ගේ වසර 500 ක අත්දැකීම එයයි. මෙම සත්‍යය තේරුම් ගැනීමට තව දුරටත් පසුබට විය යුතු නැත. දැන් ආරම්භ කළ යුතුය අපගේ විමුක්තියේ මාවත. ප්‍රජාතන්ත්‍රවාදයේත් මානව නිදහසේත් මාවත. වැඩකරන පන්තියේ වෛද්‍යවරයා, නීතිවේදියා, ලියුම් බෙදන්නා, ගුරුවරයා, ශිෂ්‍යයා, රෝගියා, චූදිතයා, කම්කරුවා මේ සියල්ලන්ම අවබෝධ කර ගත යුත්තේ මෙයයි.
වර්තමාන පාලනයේ ද පෙනුම ගල් වී හරය බොල් වී ඇති බව මෙකී පාඩම් වලින් තේරුම් ගත යුතුවාක් මෙන්ම, සුන්දර සිහින වල හෝ සාහිත්‍යයේ වචන තුළ අතරමං නොවී සිටීමට ද තරයේ අවධානයට ගත යුතුය.
'"අරගලය" පැවැත්මේ පියා හා රජු වේ'
- නෙරක්ලීටස් -

Monday, 30 August 2010
වේදනාවෙන් විනෝද වීම
සිරිල් අයියා කියන්නේ මට හමුවුණු මිනිස් චරිත වලින් අමුතුම තාලේ මිනිහෙක්. සිහින් සිරුරක් ඇති මුහුණ පුරා ගණ රැවුලක් වැවී ඇති හතලිස් විය පසු කළ ඔහු චාම් මිනිසෙකි. නූතන සේරිවාණිජ චරිතය සිහි කරමින් Fancy කඩයක සේවය කරන සිරිල් අයියා කාන්තාව කොටස් කර විකිණීමට දක්‍ෂයෙකි. ඒ ඔහු අතින් කාන්තාවකට අවශ්‍ය මාල, වළලු, කරාඹු, මුදු, චේන්, බ්‍රෙස්ලට්, ක්‍රීම්, ලිප්ස්ටික්, ෆේෂ් වොෂ් ආදී සියල්ලක්ම විකිණෙන නිසාය.
ඔහු සමග පැයක් කතා කළ විට සිනහව වාවාගත නොහැකිය. එපමණටම ඔහු විනෝදකාමියෙකි. එමෙන්ම සිදුවීම් තුළ ඇති මිනිස් ගති සොබා මෙන්ම සිදුවීම් සිදුවීමට බලපෑ හැකි වස්තු බීජයන් ගැන ද විහිළුවෙන්ම පැහැදිලි කරයි.
සිරිල් අයියා දිනක් රාත්‍රී නින්දේ සිටින විට නැගලා යන බජව්වක් ඇසී ඊට කන් දී සිට ඇත. හතරදෙනෙකු මහා රාත්‍රියේ බජව්ව පටන් ගෙන ඇත. ගුණපාල, රත්නේ, පුංචයියා හා උක්කුවා පදමට ගසා ලීටර් 20 බැරල් දෙකක් පළු යන තුරු පහර දෙමින් ජෝති හා කපුගේ ජීවමාන කර ඇත. සිරිල් අයියා ද සිංදු කාරයෙක් බැවින් ඔහුත් එයට සවන් දෙමින් යහනේ සිට ඇත.
ගුණපාල අයියාගේ රැකියාව පොල් කැඩීමයි. ඔහු විවාහකයෙකි. දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි. ඉන්නේ පොල්අතු පැළකය. කන්නේ කොහේ හෝ කෙදිනක හෝ පොල් කැඩුවහොත් පමණි. ඔහුගේ බිරිඳ නිවසේ සිට දරුවන් රැකබලා ගනිමින් ගුණපාල අයියා ගෙදරට කන්න අරන් එන තුරු මග බලා සිටී. පොඩිඋන්ට හරියට අඳින්න ඇඳුමක් නැත. කන්න වීදුරු පිඟානක් නැත. නිදියන්න සිරි යහනක් නැත. මුළු ගෙදරටම ඇත්තේ ලෑලි වලින් වසා දැමූ කාමර දෙකක් පමණි. ඉන් එක කාමරයක් මුළුතැන්ගෙය ලෙස භාවිතයට ගනී. හඳ පායනා දවස් වල පොල් අතු වහලයෙන් ගුණපාල වෙත එබිකම් කරන සඳරැස් ඔහුට සිනහ වෙන්නේ අනුකම්පාවටද නැත්නම් අහවල් දේකටදැයි දන්නේ සඳරැස් ම පමණි.
පුංචයියාට දැන් වයස හතලිස් පහක් පමණය. විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. එහෙත් ඔහුගේ ප්‍රියම්භිකාව ඔහු හැරගොස් දැනට වසර අටකි. ඒ පුංචයියාට හරි හැටි රැකියාවක් වත් දේපොළක් වත් නැති නිසාවෙනි. පුංචයියාට සිටියේ රේණුකා හා මල්ලිකා යනුවෙන් ගැහැණු ළමයි දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ද පුංචයියා හැර ගියේ සඳරැස් වැටි රාත්‍රියකය. ඔවුන් ගැන දන්නේ ද ඔවුන්ට පැන යාමට ඉඩ සැලසූ සඳරැස් ම පමණි. දැන් පුංචයියා තට්ට තනියම තමාගේ නිවසට වී ඔත්පල වූ අම්මා ද, මයිල් හැලී ගිය කෙසඟ බලු පැටවාද සමග නිදහසේ කාලය ගත කරයි. කෙසේ හෝ කුලී රැකියාවක් සතියකට වරක් සොයා ගන්නා පුංචයියා ඉන් ලැබෙන මුදලින් අතේ සතේ නැතත් තමන්ට පුතේ කියන තම ආදරණීය මෑණියන් රැක බලා ගනිමින් ජීවත් වෙයි.
උක්කුවා මේ ගම් පළාතේ කෙනෙකු ද නොවේ. තමන්ගේ ජාතකය ගැන වත් දන්නා පුද්ගලයෙකු නොවේ. ඒ පොඩි කාලේ සිටම අනුන්ගේ ගෙවල් වල ඉඳුල් කමින් හැදී වැඩුණු මිනිසෙක් නිසාය. ඔහුට අම්මා තාත්තා පිළිබඳ දැනීමක් නැත. ඔවුන් කවුරුන්දැයි උක්කුවා වත් නොදනී. දිනපතා අනුන්ගෙන් ගුටි කන, කඩපිල් ගානේ පීචං වෙන උක්කුවා රාත්‍රිය වන විට සූර් වන පදම සොයා ගනී. තමන්ගේ ජීවිතයේ අතීතය, වර්තමානය මෙන්ම අනාගතය ද කසිප්පු කාලකට යට කොට ඇති උක්කුවා මෙවැනි බජව්වකින් හැර ඔහුට කාලය ගත කර ගැනීමට වෙනත් මාර්ගයක් නොමැත. ඒ හෙට දිනත් ඔහුට දීර්ඝ, වෙහෙසකර, එපාම වූ ඒකාකාරී දිනයක් නිසාවෙනි.
රත්නේ ගොවිතැනින් ජීවත් වෙන්නෙකි. හේනේ පිටියේ මෙන්ම කුඹුරු ගොවිතැන ද කරන රත්නේ, උදේ සිට රාත්‍රී වන තුරාම මහ පොළොව පෙරළමින් ඒ සමග ඔට්ටු වෙයි. ඔහුගේ ගෙදර සාමාන්‍යයෙන් දින දෙක තුනකට වරක් නිරාහාරව නොඉන්නේ නම් පුදුමයකි. ඒ නැති බැරි කම නිසාවෙනි. තියන තුට්ටු දෙක පොළවට යට කළ ඔහු අස්වැන්න නෙලා ගන්නා තුරු ජීවිකාව ගැට ගසා ගන්නේ යාන්තමිනි. තම දරුවන්ට චීස් බටර් දීමට නොහැකි වුණත්, ඇන්කර් හෝර්ලික්ස් නැති වුණත් කහට උගුරක් හෝ තම දරුවන්ට කෙසේ හෝ ලබා දීමට උනන්දු වන්නේ හිත පුරාම පීතෘ ස්හේහය තිබෙන නිසාය.
ඉතින් ජාතකයක් නොමැති උප්පැන්නයක් නොමැති, එහෙත් අපගේ ජාතකය විමසන වර්තමාන කසිකබල් සමාජය, අප හැමෝගේම ජීවිත අභියෝගයට ලක් කරමින් ඇත. සෑම අයෙක්ම මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් සංස්ථා බිඳ වැටී ඇත. බිරිඳ හා ස්වාමි පුරුෂයා අතර අධ්‍යාත්මක සබඳතාවය බිඳ වැටී ඇත. තියන වුන් තව තවත් ඇති හැකි අය කරන, නැති වුන් නැත්තටම නැති කරන වත්මන් සමාජය, කුඩා දරුවෙකුගේ ජීවිතය දිය පහරක සඟවා ගන්නේ මේ සමාජයේ කුරිරු බව අපට කියා දෙමිනි. කැලණි ගඟේ පාවී ගිය අමිල සඳරුවන් වැනි දරුවන් හෙට තවත් තැනකින් මතු වීමට ඉඩ ඇත.
පව්කාරයින්ට ගල් ගැසීමට ඉගැන්වූ මේ සමාජය, මාලනී පුෂ්පලාතාලාටත් වට කොට පහර දීමට පෙළඹී සිටී. හුදෙක් මාලනීලාගේ වැරැද්දක් ලෙස දකින මිනිසුන්ට අවබෝධ නොවන්නේ, වර්තමානයේ පාලකයන්ගේ තකතීරු පාලනය ගැන නොවේද? කිරිපිටි පැකට්ටුවකින් 100% ක් බදු අය කරන විට, කහකුඩු කිලෝව රුපියල් 800 පන්නන විට, සුදුළූණු කිලෝව රුපියල් 400 කට වත් ගන්න බැරි කොට, රත්නෙලා පුංචයියලා වේදනාවෙන් විනෝද වනවා ඇරෙන්න වෙන නම් කුමක් කරන්න ද? මැති ඇමැත්තෝ ලක්ෂ ගණන් මාසිකව උපයද්දී උක්කුවාලා ගුණපාලලා දිනකට රුපියලක් ඉපයීමට කොපමණ වෙහෙසක් දැරිය යුතුද? රත්නෙලාට ද ගුණේලාට ද ලක්ෂ ගණනින් නැතත් ජීවත් වීමට ඇති පදමින් ඉපයීමට සමාජය ඉඩ ලබා දෙන තුරු රේණුකාලා මල්ලිකාලා බිහි වනු ඇත.
එතෙක් පුංචයියලා, ගුණේලා, රත්නෙලා හා උක්කුවලා හෙට රාත්‍රියේත් තම වේදනාව සමගින් වේදනාවෙන් යුතුව විනෝද වනු ඇත.

Monday, 22 March 2010
සුබ අනාගතයක්
හිතේ හැටියට මුදල් වියදම් කර, හිතේ හැටියට කටවුට් ගසා, හිතේ ඇති තැන්වල ඉදි කළ නාම පුවරුවල දුටුවේ අපේ සුබ අනාගතය පෙන්වන රූප පෙළහරකි. ඒ සෑම එකකම රටේ ජනතාවගේ අනාගතය සුබ වන බව පෙර නිමිති පහළ කළහ.
ජනවාරි 26 දායින් පසුව එළැඹුනේ සුබ අනාගතයේ කාලයයි. ජනවාරි 24 දින ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් විය. ජනවාරි 28 දින ජවිපෙ නායක සෝමවංශට මරණීය තර්ජන එල්ල විය. ජනවාරි 30 වන විට දශක හතරකට පසුව ලංකා ඉරිදා සංග‍්‍රහය පුවත්පතට සීල් තබා එහි කර්තෘ චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගනු ලැබීය. පෙබරවාරි 08 වන දින ජෙනරාල් සරත් ෆොන්සේකා චෝදනා රහිතවම පැහැරගෙන යන ලදී. ඊට එරෙහිව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සඳහා පැවැත්වීමට නියමිත වූ සංඝ සම්මේලනය හිටි හැටියේම ආරක්‍ෂක නොවන හේතූන් මත අතුරුදන් විය. ඊට අමතරව ජෙනරාල්ගේ සහායට පැමිණි විශ‍්‍රාමික යුධ විරුවන් චෝදනා රහිතව සිර ගෙවල් වල ගාල් කොට ඇත.
ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ජෙනරාල්ට එරෙහිව මඩ පත‍්‍රිකා, පෝස්ටර් මුද්‍රණය කළ මුද්‍රණාලයක් වැටලූ බස්නාහිර පළාත් විශේෂ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපතිවරයා වැඩ තහනමට ලක්ව ඇත. ජෙනරාල්ට එරෙහි මඩ පත‍්‍රිකා හා පෝස්ටර් විශාල ප‍්‍රමාණයක් සහිත නාවික හමුදා ලොරියක් අත්අඩංගුවට ගත් කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්‍ෂකගේ වැඩ තහනම් කොට ඇත. ටිරාන් අලස්ගේ නිවසට බෝම්බ ගැසුවේ නිල් බලකාය විසින් යැයි උසාවිය හමුවේ කියා සිටි වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනමට ලක් වී ඇත. මාතර, යාපනය, නෙල්ලඩි හා චුන්නාකම් වල ජෙනරාල්ගේ ඡන්ද ප‍්‍රතිශතය වැඩිවීම මත එම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම් වී ඇත.
ආණ්ඩුවේ මැරයන් විසින් තංගල්ලේ දී කාන්තාවක් වෙඩි තබා මරා දමන ලදී. මහනුවර නාවලපිටියේ දී භික්‍ෂූන් වහන්සේ නමක් බෝම්බ ගසා අපවත් කරන ලදී. අම්බලංගොඩ නගර සභාවේ මන්ත‍්‍රි චන්ද්‍රදාස නයිදුවාවඩු ඝාතනය කෙරිණි. රාජ්‍ය ආයතන බොහෝ ගණනක ලංගම, ඛණිජතෙල්, වරාය, සමෘද්ධි, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය වැනි ආයතන ගණනාවක දැනටමත් සේවක මාරුවීම් අරඹා ඇත. හමුදාව, පොලීසිය, ආගමික නායකයින්, ආගමික ආයතන රාජපක්‍ෂකරණය කරමින් සිටී.
ආණ්ඩුව පවසන්නේ කුමක් ද? තමන්ගේ පාලනය කොයිහැටි වෙතත් බාරගන්නා ලෙසය. පාලකයාගේ සිට පාලනයට හවුල්ව ඇති උන්ගේ ද අවශ්‍යතාවය තමන්ගේ ජනතාවට තම පාලනය තහවුරු කිරීමය. තම පාලනයට එකඟවන පුද්ගලයන්ට වරදාන, වරප‍්‍රසාද හා සංතෝෂම් දෙන වත්මන් පාලනය තමන්ට විරුද්ධ වන්නන්ට සැලසුම් සහගත ලෙස මර්ධනය මුදා හරී. තම අධ්‍යාත්මය නොවිකුණූ කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට හා දේශපාලකයන්ට එම මර්ධනය දිනපතා එල්ල වෙමින් පවතී.
මේ අරඹා ඇති පාලනය ජනතාවට නොවැටහුනත් සරලව සිතිය නොහැක. මුළු මහත් ජනතාවම කොතරස් ආලෝකය තිබුණත් අඳුරේ ජීවත් වීමට හුරු වෙමින් සිටී. දේශපේ‍්‍රමය නමැති ආයුධය අසුව තිබෙන්නේ භයානක කල්ලියකටය. ඔවුන් සිහිමද ගතියෙන් යුක්තව හැසිරෙන නිසා අනාගතය සුබ විය හැකි අයුරු සිතාගත හැක. තවමත් ඔබේ දොරට ඔවුන් තට්ටු කර නොමැති විය හැක. එහෙත් අද නොව හෙට ඔවුන්ගේ ගොදුර බවට ඔබ පත් විය හැක.
එහෙයින් අනාගතය සුබ වීම සඳහාත් වර්තමාන සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහාත් අප සියලූ දෙනා එක් විය යුතුය. දැන් අරඹා ඇති සටන කෙළවර කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමෙන් පමණකි. මෙය මැතිවරණ සටනක් තුළ පමණක් කළ නොහැක. උකටලීව බිය වී යටහත්ව සිටින ජනතාව මුදා ගත හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වූ පුළුල් ජනතා බලවේගයකට පමණි. ඒ සඳහා අප සූදානම් විය යුතුය. වර්තමාන සමාජයේ අපට කිසිදු දෙයක් සටන් කොට මිස දිනාගත නොහැක. අප යටහත්ව නොසිට සටන් කළ යුතුය. ආරම්භක මොහොතේ ජයග‍්‍රහණ අවම වුවද, අවසානයේ දී ජයග‍්‍රහණ ලැබිය හැක. එහෙයින් ධෛර්යය ගෙන අවබෝධයෙන් යුක්තව සටන අරඹමු!
"අද දවසේ දරුණුම ඛේදවාචකය වනුයේ නපුරු මිනිසුන්ගේ දුෂ්ට ක‍්‍රියා නොව යහපත් මිනිසුන්ගේ නිහඬතාවය බව මතක තබා ගන්න”
- මාටින් ලූතර් කිං -

දද සහ හොරි
මාතෘකාව දකින විටත් අපුලක් ඇති වේ. එසේ වන්නේ ශරීරයේ දද හොරි හෝ කුෂ්ට ඇති වූ විට කැසීමට, තුවාල වීමට, ලේ ගැලීමට හා දැඩි වේදනාවකට පත් වන බව දැනීමෙනි. ජයග‍්‍රහණ අහිමි සමාජයට පසුගිය යුධ ජයග‍්‍රහණ ලැබීම කුඩා අස්වැසිල්ලක් වූ අතර හොරුන්ට, තක්කඩින්ට, වංචා කාරයින්ට දේශපේ‍්‍රමීන් බවටත්, හොරකම, මැරකම, දූෂණය, නාස්තිය වෙනුවට දේශපේ‍්‍රමය ගෙන කථා කිරීමටත් අවස්ථාවක් ලැබිණි. එය හොරි, දද, කුෂ්ට හැදුනු කලෙක කසන්නාක් මෙන් දේශපේ‍්‍රමය නැමති හොරිය උඩ දමා කසයි. පෙරළි පෙරළී කසයි. ඔල්වරසන් නගමින් ප‍්‍රීති ඝෝෂා කරමින්, සතුරන් මට්ටු කරමින් කසයි.
ඉතින් කසන්න, ප‍්‍රීති ඝෝෂා කරමින් කසන්න. පෙරළි පෙරළී කසන්න. එහෙත් නිතරම කැසීමෙන්, දිගටම කැසීමෙන් පසුව ඔබ කැසීම නතර කරනු ලබයි. මතක තියා ගන්න. කසන විට ඇති ප‍්‍රීතිය කසා ඉවර වූ සැනින් අවසන් වන බව. ඉන් අනතුරුව සතුට, ප‍්‍රීතිය වෙනුවට වේදනාව විඳ දරා ගැනීමට සූදානම් වන්න......!
ඔව්.... සූදානම් වන්න. පසුව දැනෙන වේදනාවට......!

Saturday, 20 March 2010
අඳුර
අපි කිසි කෙනෙකු අඳුරට කැමති නැත. ඒ අපට කිසිවක් නොපෙනෙන නිසාවෙනි. එහෙයින් අඳුරේ සිටින අප සොයන්නේ ආලෝකයමය. අකුණු ගසනවාට තමන් කැමති යැයි වරක් බර්ටෝල් බ්‍රෙෂ්ට් තම කවියක ලියා තිබුණි. ඒ මොහොතකට හෝ ආලෝකය වැටෙන නිසාවෙනි.
එහෙත් වර්තමානයේ අප සමාජය සිහි විකල්ව අඳුරේ ගිලී සිටී. ඔවුන්ට ආලෝකය අනවශ්‍යය. ඒ ඔවුන්ට සැබවින්ම ආලෝකය එපා වී නොව, එය ඉල්ලා සිටීමට තරම් සිහියක් නොමැති නිසාවෙනි. විකල්ව ඇති සිහිය යථා තත්වයට පත් වන විට ඔවුන්ගේ හා ඔවුන් අසළ තිබූ සියල්ල ඔවුන්ට අහිමි වීමට ඉඩ ඇත.
එහෙයින් මෙපමණ හෝ ආලෝකය වැටී තිබෙන තත්වයක තව දුරටත් අඳුරේ සැඟවී සිටීම නොව හැකි පමණින් ආලෝකය දෙසට පැමිණෙන ලෙස ආරාධනා කරමු.......!
නැතිනම් තමන් පියවි සිහියට පැමිණෙන විට ප‍්‍රමාද වී ඇතිවාට සැක නැත.

Subscribe to:
Posts (Atom)