අපි කිසි කෙනෙකු අඳුරට කැමති නැත. ඒ අපට කිසිවක් නොපෙනෙන නිසාවෙනි. එහෙයින් අඳුරේ සිටින අප සොයන්නේ ආලෝකයමය. අකුණු ගසනවාට තමන් කැමති යැයි වරක් බර්ටෝල් බ්‍රෙෂ්ට් තම කවියක ලියා තිබුණි. ඒ මොහොතකට හෝ ආලෝකය වැටෙන නිසාවෙනි.
එහෙත් වර්තමානයේ අප සමාජය සිහි විකල්ව අඳුරේ ගිලී සිටී. ඔවුන්ට ආලෝකය අනවශ්‍යය. ඒ ඔවුන්ට සැබවින්ම ආලෝකය එපා වී නොව, එය ඉල්ලා සිටීමට තරම් සිහියක් නොමැති නිසාවෙනි. විකල්ව ඇති සිහිය යථා තත්වයට පත් වන විට ඔවුන්ගේ හා ඔවුන් අසළ තිබූ සියල්ල ඔවුන්ට අහිමි වීමට ඉඩ ඇත.
එහෙයින් මෙපමණ හෝ ආලෝකය වැටී තිබෙන තත්වයක තව දුරටත් අඳුරේ සැඟවී සිටීම නොව හැකි පමණින් ආලෝකය දෙසට පැමිණෙන ලෙස ආරාධනා කරමු.......!
නැතිනම් තමන් පියවි සිහියට පැමිණෙන විට ප‍්‍රමාද වී ඇතිවාට සැක නැත.
Subscribe to:
Post Comments (Atom)
අතීතයේ කල කිරියාව ගැන විස්තයරක් ලීයා පැහැදිලි කිරීමට කැමති නමුත් ලිවීමට මෙන්ම කියවීමට අතිවිශාල වේලාවක් ගත වෙන නිසා, වර්තමානය අතීතයට වඩා බොහෝ ආලෝකමත් බව පමනක් කියමි.
ReplyDeleteඅදුර ආලෝකයක් සේ දැක එදෙසට එන්නට ආරාධනා කරන්නේ ඇයි ඔබ?
ReplyDeleteTherena magulak dapan ban.....
ReplyDeleteJust kidding macho..... Superb....... But I dont understand...
හරි අපි ආවා ඔන්න...
ReplyDeleteඑහෙනම් පෙන්නමුකෝ බලන්න ඔය කියන ආලෝකය
හික්ස්...
/බිඟුවා...!