හිතේ හැටියට මුදල් වියදම් කර, හිතේ හැටියට කටවුට් ගසා, හිතේ ඇති තැන්වල ඉදි කළ නාම පුවරුවල දුටුවේ අපේ සුබ අනාගතය පෙන්වන රූප පෙළහරකි. ඒ සෑම එකකම රටේ ජනතාවගේ අනාගතය සුබ වන බව පෙර නිමිති පහළ කළහ.
ජනවාරි 26 දායින් පසුව එළැඹුනේ සුබ අනාගතයේ කාලයයි. ජනවාරි 24 දින ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් විය. ජනවාරි 28 දින ජවිපෙ නායක සෝමවංශට මරණීය තර්ජන එල්ල විය. ජනවාරි 30 වන විට දශක හතරකට පසුව ලංකා ඉරිදා සංග‍්‍රහය පුවත්පතට සීල් තබා එහි කර්තෘ චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගනු ලැබීය. පෙබරවාරි 08 වන දින ජෙනරාල් සරත් ෆොන්සේකා චෝදනා රහිතවම පැහැරගෙන යන ලදී. ඊට එරෙහිව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සඳහා පැවැත්වීමට නියමිත වූ සංඝ සම්මේලනය හිටි හැටියේම ආරක්‍ෂක නොවන හේතූන් මත අතුරුදන් විය. ඊට අමතරව ජෙනරාල්ගේ සහායට පැමිණි විශ‍්‍රාමික යුධ විරුවන් චෝදනා රහිතව සිර ගෙවල් වල ගාල් කොට ඇත.
ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ජෙනරාල්ට එරෙහිව මඩ පත‍්‍රිකා, පෝස්ටර් මුද්‍රණය කළ මුද්‍රණාලයක් වැටලූ බස්නාහිර පළාත් විශේෂ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපතිවරයා වැඩ තහනමට ලක්ව ඇත. ජෙනරාල්ට එරෙහි මඩ පත‍්‍රිකා හා පෝස්ටර් විශාල ප‍්‍රමාණයක් සහිත නාවික හමුදා ලොරියක් අත්අඩංගුවට ගත් කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්‍ෂකගේ වැඩ තහනම් කොට ඇත. ටිරාන් අලස්ගේ නිවසට බෝම්බ ගැසුවේ නිල් බලකාය විසින් යැයි උසාවිය හමුවේ කියා සිටි වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනමට ලක් වී ඇත. මාතර, යාපනය, නෙල්ලඩි හා චුන්නාකම් වල ජෙනරාල්ගේ ඡන්ද ප‍්‍රතිශතය වැඩිවීම මත එම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම් වී ඇත.
ආණ්ඩුවේ මැරයන් විසින් තංගල්ලේ දී කාන්තාවක් වෙඩි තබා මරා දමන ලදී. මහනුවර නාවලපිටියේ දී භික්‍ෂූන් වහන්සේ නමක් බෝම්බ ගසා අපවත් කරන ලදී. අම්බලංගොඩ නගර සභාවේ මන්ත‍්‍රි චන්ද්‍රදාස නයිදුවාවඩු ඝාතනය කෙරිණි. රාජ්‍ය ආයතන බොහෝ ගණනක ලංගම, ඛණිජතෙල්, වරාය, සමෘද්ධි, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය වැනි ආයතන ගණනාවක දැනටමත් සේවක මාරුවීම් අරඹා ඇත. හමුදාව, පොලීසිය, ආගමික නායකයින්, ආගමික ආයතන රාජපක්‍ෂකරණය කරමින් සිටී.
ආණ්ඩුව පවසන්නේ කුමක් ද? තමන්ගේ පාලනය කොයිහැටි වෙතත් බාරගන්නා ලෙසය. පාලකයාගේ සිට පාලනයට හවුල්ව ඇති උන්ගේ ද අවශ්‍යතාවය තමන්ගේ ජනතාවට තම පාලනය තහවුරු කිරීමය. තම පාලනයට එකඟවන පුද්ගලයන්ට වරදාන, වරප‍්‍රසාද හා සංතෝෂම් දෙන වත්මන් පාලනය තමන්ට විරුද්ධ වන්නන්ට සැලසුම් සහගත ලෙස මර්ධනය මුදා හරී. තම අධ්‍යාත්මය නොවිකුණූ කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට හා දේශපාලකයන්ට එම මර්ධනය දිනපතා එල්ල වෙමින් පවතී.
මේ අරඹා ඇති පාලනය ජනතාවට නොවැටහුනත් සරලව සිතිය නොහැක. මුළු මහත් ජනතාවම කොතරස් ආලෝකය තිබුණත් අඳුරේ ජීවත් වීමට හුරු වෙමින් සිටී. දේශපේ‍්‍රමය නමැති ආයුධය අසුව තිබෙන්නේ භයානක කල්ලියකටය. ඔවුන් සිහිමද ගතියෙන් යුක්තව හැසිරෙන නිසා අනාගතය සුබ විය හැකි අයුරු සිතාගත හැක. තවමත් ඔබේ දොරට ඔවුන් තට්ටු කර නොමැති විය හැක. එහෙත් අද නොව හෙට ඔවුන්ගේ ගොදුර බවට ඔබ පත් විය හැක.
එහෙයින් අනාගතය සුබ වීම සඳහාත් වර්තමාන සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහාත් අප සියලූ දෙනා එක් විය යුතුය. දැන් අරඹා ඇති සටන කෙළවර කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමෙන් පමණකි. මෙය මැතිවරණ සටනක් තුළ පමණක් කළ නොහැක. උකටලීව බිය වී යටහත්ව සිටින ජනතාව මුදා ගත හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වූ පුළුල් ජනතා බලවේගයකට පමණි. ඒ සඳහා අප සූදානම් විය යුතුය. වර්තමාන සමාජයේ අපට කිසිදු දෙයක් සටන් කොට මිස දිනාගත නොහැක. අප යටහත්ව නොසිට සටන් කළ යුතුය. ආරම්භක මොහොතේ ජයග‍්‍රහණ අවම වුවද, අවසානයේ දී ජයග‍්‍රහණ ලැබිය හැක. එහෙයින් ධෛර්යය ගෙන අවබෝධයෙන් යුක්තව සටන අරඹමු!
"අද දවසේ දරුණුම ඛේදවාචකය වනුයේ නපුරු මිනිසුන්ගේ දුෂ්ට ක‍්‍රියා නොව යහපත් මිනිසුන්ගේ නිහඬතාවය බව මතක තබා ගන්න”
- මාටින් ලූතර් කිං -
Monday, 22 March 2010
Subscribe to:
Post Comments (Atom)
Very Good Post . . !
ReplyDeleteVery Good post . .. !
ReplyDeleteWell said bro well said...
ReplyDeletegood post
ReplyDeleteawesome
ReplyDeleteමේ කටුක යථාර්තය තේරුම් ගැනීමට තරම් සමාජයේ බහුතරයක් බුද්ධිමත් නොවීම රටේම අවාසනාවක්.
ReplyDelete