මාතෘකාව දකින විටත් අපුලක් ඇති වේ. එසේ වන්නේ ශරීරයේ දද හොරි හෝ කුෂ්ට ඇති වූ විට කැසීමට, තුවාල වීමට, ලේ ගැලීමට හා දැඩි වේදනාවකට පත් වන බව දැනීමෙනි. ජයග‍්‍රහණ අහිමි සමාජයට පසුගිය යුධ ජයග‍්‍රහණ ලැබීම කුඩා අස්වැසිල්ලක් වූ අතර හොරුන්ට, තක්කඩින්ට, වංචා කාරයින්ට දේශපේ‍්‍රමීන් බවටත්, හොරකම, මැරකම, දූෂණය, නාස්තිය වෙනුවට දේශපේ‍්‍රමය ගෙන කථා කිරීමටත් අවස්ථාවක් ලැබිණි. එය හොරි, දද, කුෂ්ට හැදුනු කලෙක කසන්නාක් මෙන් දේශපේ‍්‍රමය නැමති හොරිය උඩ දමා කසයි. පෙරළි පෙරළී කසයි. ඔල්වරසන් නගමින් ප‍්‍රීති ඝෝෂා කරමින්, සතුරන් මට්ටු කරමින් කසයි.
ඉතින් කසන්න, ප‍්‍රීති ඝෝෂා කරමින් කසන්න. පෙරළි පෙරළී කසන්න. එහෙත් නිතරම කැසීමෙන්, දිගටම කැසීමෙන් පසුව ඔබ කැසීම නතර කරනු ලබයි. මතක තියා ගන්න. කසන විට ඇති ප‍්‍රීතිය කසා ඉවර වූ සැනින් අවසන් වන බව. ඉන් අනතුරුව සතුට, ප‍්‍රීතිය වෙනුවට වේදනාව විඳ දරා ගැනීමට සූදානම් වන්න......!
ඔව්.... සූදානම් වන්න. පසුව දැනෙන වේදනාවට......!
Monday, 22 March 2010
Subscribe to:
Post Comments (Atom)
ඔය ඇත්තමද? ඉතින් අපි ඕකට මක්කැයි කරන්න ඕනේ?
ReplyDeleteවැඩේ කියන්නේ කසන එවුන් විතරක් නෙමෙයි නිකන් හිටපු එවුන්ටත් අර කසපු උන්ගේ ඒවට පරිප්පු කන්න වෙන එකනේ . . .
ReplyDelete